“එක්ස්ෆෝ මාතලේ ” ශ්‍රී ලංකා -චීන වෙළඳ ආයෝජන වැඩසටහන යටතේ චීන පාර්ශවයෙන් කරන ලද ආරාධනයකට අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පසුගියදා චීනයේ සංචාරයක නිරතවිය.
එහිදී ප්‍රධාන පෙළේ චීන ව්‍යාපාරිකයන් රැසක් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයට හිතකර ප්රතිඵලදායි ආයෝජන රැසකට අවශ්‍ය මූලික සාකච්ඡාවන් කිහිපයක් සාර්ථකව සිදු කිරීමට හැකිවිය. ඒවා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කර ආර්ථික අර්බුදයට සහනශිලී පිටිවහලක් සැලසෙන ආර්ථික සහ පාරිසරික හිතකාමී ආයෝජන වැඩසටහන් විම විශේෂත්වයකි.
මෙහිදී රාජ්‍ය සේවකයින් අරමුණු කරගෙන විදුලි කාර් රථ , විදුලි මෝටර් බයිසයිකල් මෙන්ම ව්‍යාපාරික පරිසරය පදනම් කරගෙන ත්‍රීවීල් රථ, සැහැල්ලු ලොරි රථ ද මෙරටට ගෙන්වීම හෝ මෙරට නිෂ්පාදනයට කර්මාන්තශාලා ආරම්භ කිරීමේ ආයෝජනයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කෙරිණි
කෘෂිකාර්මික ආර්ථිකය සම්බන්ධ කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට සාකච්ඡා කිරීම ද මෙහිදී සිදු විය. . එහිදී ගොවීන්ට විශාල ගැටලුවක් වන නිෂ්පාදන පිරිවැය ඉතිරි කිරීම මෙන්ම කාර්යක්ෂම හා ඵලදායිත්වයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනිමට හැකි නවීන යන්ත්‍ර සූත්‍ර, ගොවි උපකරණ මෙරටට හදුන්වා දීමට අපේක්ෂා කෙරේ. එසේම කාර්යක්ෂමතාවයෙන් ධාරිතාවයෙන් යුතු විශාල යන්ත්‍ර මෙන්ම අඩු මිල ගණන් යටතේ මිලදි ගත හැකි කුඩා යන්ත්‍ර කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.
සූර්ය පැනල සවිකිරිම, සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයට අදාළ ආයෝජන අවස්ථා කෙරෙහිද මෙහිදී පුළුල්ව සාකච්ඡා කළ අතර ඒ සඳහා ආයේජනය කිරීමට චීන ව්‍යාපාරිකයන් රැසක් උනන්දුව පල කළහ. එමෙන්ම බෝතල් කළ පිරිසිදු පානිය ජලය අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සාකච්ඡා කෙරිණ.
චීනයේ හා විශේෂයෙන් අමාත්‍යවරයා සංචාරය කරන ලද චෙන්දුම් ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුදු, ගම්මිරිස්, කරාඹු නැටි, ඒනසාල් ආදී කුළු බඩු වර්ගවලට මෙන්ම තේ, කෝපි සඳහා විශාල ඉල්ලුමක් හා උනන්දුවක් පවතී. චීනය ප්‍රාන්ත 35කින් යුත් බිලියන 1.412 (ලෝක බැංකු වාර්තා2021 අනුව) ක විශාල ජනගහනයකින් යුතු විශාල රාජ්‍යයකි. එබැවින් එහි ඉල්ලුමට සරිලන සැපයුම ලබාදිමට අපරටට ඇති ශක්‍යතාවය අවම වුව ද අප රටේ උපරිම ශක්තිය යෙදවීම කළ යුතුය. මසකට කන්ටේනර 100 වුවද ප්‍රමාණවත් නොවන පසුබිමක ආර්ථික වශයෙන් ඩොලර් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට මෙය මහගු අවස්ථාවකි.
දැනට රෝහණ දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එක්ස් ෆෝ මාතලේ නමින් මාතලේ හා ගාල්ල ප්රයදේශයෙන් කුළු බඩු ,කෝපි, තැඹිලි ආදිය අපනයනය කිරීමට කටයුතු කරන අතර ලංකාව පුරා සිටින සියළු ව්යාකපාරිකයින් මේ සඳහා සම්බන්ධ කිරීම අමාතවරයාගේ අපේක්ෂාවයි.
මෙම සංචාරය අතර තුළ චීන හා රුසියානු වාණිජ මණ්ඩලය රෝහණ දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගත් අතර ශ්රීර ලංකාව රුසියාව හා චීනය අතර පවතින මිත්රයත්වයද ගැන සඳහන් කළහ. ත්රීයි පාර්ශවික වෙළඳපළ සඳහා අවශ්‍ය සියලු සහය ලබා දීමට සූදානම් බව මෙහිදී චීන හා රුසියානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා පැවසූ අතර ලබන මස රුසියාවේදී පැවැත්වෙන වෙළඳ ප්රළදර්ශනයට සහභාගිවන ලෙස ද අමාත්‍යවරයාට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ තම ශක්‍යතාවය උපරිම වශයෙන් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට ඩොලර් උපයා ගැනීමට මං පෙත් විවර කර ගැනීම මෙන්ම එමගින් රජයට හා ජනතාවට සහය වී තම අපේක්ෂාව බව පවසන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර උක්ත කරුණු සම්බන්ධව පුළුල් හා අවසාන තීරණවලට එළඹෙන බවයි.