සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්රධාන කර්තෘ ලසන්ත වික්රමතුංග ඝාතනය කර අදට අවුරුදු 15ක් ගත වී තිබෙනවා.
2009 ජනවාරි 8 වෙනිදා රත්මලාන අත්තිඩිය ප්රදේශයේ දී යි ලසන්ත වික්රමතුංග ඝාතනය කළේ.
ඒ වෙනුවෙන් වන ගුණ සමරුවක් අද පෙරවරු 09.00ට බොරැල්ල කනත්තේ පිහිටි වික්රමතුංග මහතාගේ සුසානය අසල සිදු කරනු ලැබුවා.
ලසන්තගේ ඝාතනයට යුක්තිය මේ වෙනුවෙන් ඉටුවී නොමැත.