සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූණා.
ඒ අනුව එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණය කළ අතර සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 96 ක් පමණයි.
එහිදී වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා.
එය ඔහුගේ එක්දින ක්රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වෙනවා.