අද අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ජීප් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් රාගම රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය සභාව හරහා දේශපාලනයට පිවිසි සනත් නිශාන්ත මහතා මියයන් විට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරමින් සිටියා.

ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2015දී වන අතර 2019දී ඔහු පළමුවර වරට රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here