දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භ වනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස, විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයාතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.