පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මිලියන 15ක් පමණ වූ අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවත්, මේ තුළින් රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් රට තුළ නිර්මාණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here