ඊයේ රාත්‍රි කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
කෙසෙල්වත්ත පොලිස් වසමේ අංක 14/23 මාටිස් පටුමග කොළඹ 12 ලිපිනයේ නිවස ඇතුලත දි එහි පදිංචි මොහොමඩ් සාරුක් ඉනාමුල් හසන් ( වයස අවුරුදු 48 ) පමණ වන පුද්ගලයා තියුණු ආයුධ වලින් පහර දි ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය කෙසෙල්වත්ත පොලිස් වසමේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් නොහොත් කෙසෙල්වත්ත දනුක යන අයගේ අනුගාමකයින් පිරිසක් විසින් සිදු කර ඇති බවත් එයට හේතුව මීට පෙර එනම් 2023.07.30 වන දින සිදු වු මනුෂ්‍ය ඝාතනයක් වන අංක 10/12 සෝන්ඩර්ස් ප්‍රදේශ කොළඹ 12 ලිපිනයේ පදිංචි කාවින්ද දිල්ශාන් නොහොත් පොඩි කවි යන අය ඝාතනය කිරිමට ඔත්තු සැපයු පුද්ගලයකු බවට හදුනා ගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා..
තවද මරණකරු කෙසෙල්වත්ත පාතාල කල්ලි සමාජික මොහොමඩ් රෆායිඩින්, මොහොමඩ් ඉර්ෆාන් යන අය ඇසුරු කර ඇති පුද්ගලයකු බවත් මොහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වි ඇති පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.
තවද මෙම මරණකරුට 2005.08.24 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ ඩයස් ප්‍රදේශ පුර්වාරාම පන්සල ආසන්නයේ දි පුද්ගලයකුට පොලු වලින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදු කර එම නඩුවෙන් නිදහස් වි ඇති පුද්ගලයකු බවටත් අනාවරණය විය.
මේ සම්බන්ධව වැඩි දුර විමර්ෂන කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ අපරාධ විමර්ෂන අංශය මගින් සිදුකරනවා.