ඊයේ රාත්‍රී අටයි තිහට පමණ මිහිජය සෙවන පොලිස් වසමේ, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය අසලදී, පූකුඩිකන්නා නමැති පාතාල කණ්ඩායම් සාමාජිකයාගේ ආධාරකරුවෙක් වන සෙන්දිල් ආරුමුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි යන අයට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වැනි ගිණි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
දැනට වසර කිහිපයකට පෙර කංජිපානි ඉම්රාන් නමැති පාතාල කණ්ඩායම් සාමාජිකයාගේ පියා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පලිගැනීමක් වශයෙන්, කංජිපානි ඉම්රාන් යන අයගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පලකරනු ලබයි.
මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර පොලිස් කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.