සඳුදා දින සිට CCTV පදනම් කරගෙන බස් රථ සඳහා දඩ කොළ බස් රථ හිමියන්ට එවීමට පොලිසිය සැලසුම් කර ඇති බවත් එසේ කරන්නේ නම් බස් රථ ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරණ මහතා ප්‍රකාශ කරනවා.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, බස් රථවල වැරදි වලට අදාළ දඩ කොළ බස් රථයේ හිමිකරුට එවීම අසාධාරණ බවයි.
බස් රථ හිමියන් සමග සාකච්ඡාවක් නොකර පොලිසිය මෙම තීරණවලට එළඹී ඇති බව ඔහු චෝදනා කර සිටියා.
බස් රථයේ රියදුරු කරන වැරදි වලට බස්රථයේ හිමුකරු අදාළ නොවන බවත් ඒ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළදී බස් ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.
එමෙන්ම බස් රථ ප්‍රමුඛතා මන්තීරුව ක්‍රියාත්මක කර බස් රථ ධාවනයට නිසි වැඩපිළිවෙළ සකස් කරන්නේ නම් මෙම යෝජනාවට බස් රථ හිමිකරුවන් එකඟ වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(දමිත් වානගුරු – කොළඹ)