සීයට තුනේ අති විශාල ජන වරමක් සමග හැට නම ලක්ෂයක ඡන්දත් අරගෙන මහා සංඝරත්නය ඉතිහාසයේ සියයට සීයක් එකතු වෙලා හදපු දැවැන්ත ආණ්ඩුව පාරට ඇදලා දාලා බල්ලට දැම්මේ අපේම නායකයන් , ආණ්ඩුවට මෙවන් ත්වයක් උදා වීම පිළිබඳව දැඩි කලකිරීමකින් පසුවන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා නුවරඑළියේදී පැවසීය .
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අප කළ විමසුමකට අනුව ඉදිරි මැතිවරණය පිළිබඳව අදහස් දැක්වමිනි.
වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මෙසේද පැවසීය.
රටේ අනිවාර්යෙන් මේ අවස්ථාවේදී ඡන්දයක් තියන්න ඕන ආර්ථිකයටයි ඡන්දයටයි කිසිම සම්බන්ධයක් නැහැ.මොන චන්දෙ කල් දැම්මත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය වෙලාවට තියන්නට ඕන.
මුලින්ම කරන්නේ ජනාධිපතිවරණයද එහෙම නැත්නම් මහ මැතිවරණයද යන වග තීරණය කරන වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට ,අපි නම් කියන්නේ මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය සහ අනෙකුත් සියලු මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතුයි කියලා.ගියපාරට වඩා අපිට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා මිනිස්සු අපි එනකම් බලාගෙන ඉන්නේ සාදරයෙන් පිළිගන්න.
ඉදිරියේදී අපි තර්ක කරන්නේ අපේ පක්ෂයත් එක්ක අපිටම කියලා පක්ෂයක් තියෙනවා.අපි ඉදිරි මැතිවරණයේදී නිසැක ජයක් ලබනවා. ඒ උනත් දැඩි කලකිරීමක් තියෙනවා අපි හදපු ආණ්ඩුවට වෙච්ච වින්නැහිය ගැන.අපි ගොඩක් මහන්සි වෙලා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා සංඝරත්නය සියයට සීයක් සහයෝගය ලබාදීලා මහා ජන වරමකුත් එක්ක ලැබිච්ච ආණ්ඩුව විනාශ කරන්න අපේ නායකයෝම කටයුතු කළා .ඉදිරියේදී ඡන්දෙ ඉල්ලනවද නැද්ද කියලා තීරණය කරලා නෑ තාම අපි දැන් වයසක මිනිස්සුනේ ඒ නිසා ඡන්ද ඉල්ලන එක පස්සේ හිතමු යනුවෙන් එතම පැවසීය.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)