ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි සිවිල් ඇදුමින් සැරසී කාන්තාවන් තිදෙනෙකු ද සමග චාරිකාවකට සහභාගී වූ බව සදහන් කරමින් විහාරස්ථානයේ දායක පිරිසක් විසින් උන්වහන්සේව පෙරේදා (29) රාත්‍රි විහාරස්ථානයෙන් පිටමං කිරීමට ගමවසීන් ක්‍රියා කර තිබෙනවා.
වැලිපැන්න , ලෙව්වන්දූව ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි වන ගලහිටියාවේ ධම්මකිත්ති හිමියන්ව මෙසේ විහාරස්ථානයේ පිටමං කර ඇති බව සදහන් වේ.
විහාරාධිපති හිමියන් සිවිල් ඇදුමෙන් සැරසී විහාරස්ථානයේ වැන් රථයෙන් රියදුරු සහ තවත් කාන්තාවන් තිදෙනෙකු සමග ඉකුත් 26 දා අළුයම කතරගම , ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල දෙදින චාරිකවක යෙදීසිට ඇති අතර , ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී උන්වහන්සේ කලිසමක් සහ කමිසයකින් සැරසී සිටින අවස්ථාවක කිසියම් පුද්ගලයකු ලබාගත් ඡායාරූප මුහුණු පොතේ පලකර ඇති බව සදහන් වේ.
එම ඡායාරූප සහ විස්තර දැනගත් විහාරස්ථානයේ දායක පිංවතුන් ඇතුළු ගම්වාසීන් දෙසීයකට ආසන්න පිරිසක් විහාරස්ථානය වටකර විහාරාධිපති හිමියන්ට පිටව යන ලෙස කෑගසමින් විරෝධය පළකර තිබෙනවා.
ඒ අනුව වැලිපැන්න ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් පිරිසක් පැමිණ සිටී පිරිස පාලනය කිරීමට කටයුතු කර ඇති අතර , ඒ අතරතුර වලගෙදර සහ කැකුලන්දල ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථාන දෙකක පරිවේනාධිපති හිමිවරුන් විහාරස්ථානයට වැඩමකක බවයි පොලිසිය පවසන්නේ.
පසුව එම පරිවේනාධිපති හිමිවරුන් සහ දායක සභාව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව විහාරස්ථානයේ වැඩසිටින අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනමට වගකීම පවරා විහාරාධිපති හිමියන් එදින රාත්‍රි 8.30 ට පමණ මතුගම ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානයකට පිටත්කර යැවූ බව පොලිසිය සදහන් කරයි.
සිද්ධිය සැලවීමත් සමගින් උන්වහන්සේ සමග චාරිකාවට එක්ව ඇති කාන්තාවන් කවුරුන්ද යන්න ප්‍රදේශවාසින් විසින් සොයමින් සිටීන බවද වාර්තාවේ.
පිටමංකර යැවූ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ ධම්මකිත්ති හිමි, තමන් සමග පෙර ආරවුලක් ඇතිකර ගත් පුද්ගලයකු මේ සදහා මුල්වී ඇති බවට ඊයේ (30) උදැසන වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්දයෙන් ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය .
වැලිපැන්න ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)