ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරයෙහි එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියකු බන්ධනාගාර වගා භූමියෙහි සිටින අවස්ථාවෙහි එහි රැඳී සිටි කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව ඇත.
ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරයෙහි එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියකු බන්ධනාගාර වගා භූමියෙහි සිටින අවස්ථාවෙහි එහි රැඳී සිටි කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව ඇති අතර පසුව එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සමග ඔහු බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.පහර කෑමෙන් රැඳවියාගේ ගෙල,අත හා පාදයට තුවාල සිදුවී තිබේ.
බන්ධනාගාරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයෙහි සිටින කිඹුලකු මෙසේ බන්ධනාගාර භූමියට පැමිණ සිටි ඇති අතර එහි සිටින කිඹුලන් නිසා මල්වතු ඔය දෙපස සිටින ජනයාගේ ජීවිත වලටද දැඩි අවදානමක් පවතී.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජීවිත ද ඉතා අවදානමකට ලක් වීමට ඉඩකඩ ඇති බව ගම්වාසීන් පවසයි .
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)