ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියාවෙන් රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලැබුණේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විවෘත ප්‍රකාශයක් කළ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

මහනුවරදී 13 දා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළ  උන්වහන්සේ කියා සිටියේ මෙම මුදල ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු බව තමාට ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණු බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  උන්වහන්සේ මෙසේද කිය. එදා 89-90 ඉන්දියාවෙන් ගේන බෙහෙත් කරලක්වත් එපා කියලා මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනකගේ දිවි අහිමි කළ ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා දේශප්‍රේමිත්වය පිළිබඳව එම පක්ෂය අද මොකද කියන්නේ. අද ලංකාවේ වරාය, ගුවන් තොටුපළ, ටෙලිකොම්, විදුලි බල මණ්ඩල, රක්ෂණ සංස්ථාව , බැංකු, සත්ව ගොවිපළ ඇතුළු රටේ මරමස්ථාන  ඉන්දියාවට දෙන්න පිඹුරුපත් හදලා ඉවරයි. මේක අධ්‍යයනය කරපු අනුර දිසානායකලා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කළාළු. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉන්දියානු සමාගම් ලංකාවේ දේපොළ ටෙන්ඩර් පටිපාටිය හරහා ගන්නවනං කිසිම ප්‍රශ්නයක් නෑ කියල.       

ජනතා විමුක්ති පෙරමුණ දැන් කියන්නේ ඔයාලා ඒවා ගන්නවා නම් අපිටත් කොමිස් මුදලක් දෙන්න කියලයි. හිතාගන්නත් බැරි තරම් විශාල ගානක් එනවනේ. එහෙම තමයි දැන් සිද්ධ වෙන්නේ. අපිට මේවා ආරංචි වෙලා තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලබාදීම සඳහා ඇමෙරිකානු තානාපතිවරිය කපු කම කලාලු. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ පිළිබඳ විවෘත ප්‍රකාශයක් කළ යුතුයි.   

අපි මහා සංඝරත්නය 14 දින ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න හිටියත් රටේ ජනතාව අපිට කියනවා යන්න එපා කියලා. ජනතාවගේ දුක අඳුනන්නැති පාලකයන් සමඟ කතා කරල වැඩක් නැහැ. මුළු රට ගඳගස්සවන අසූචි ගොඩ ඉවත් කරලා ඊට යටවෙලා තියෙන රන් රිදී මුතු මැණික් ගොඩ අරගෙන ඒවා ඔප දමලා රටේ පාලකයෝ බවට පත් කරනකම් අපේ සටන අපි අතාරින්නේ නෑ. යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් කීය.

(කමල් සුරවීර – මහනුවර)                                  

                                                         

2154 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here