ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව විස්සයි විස්ස තරග 3 ක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරග දෙකක්ද එම තරග සංචාරයට අයත්.
තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වනදා පැවැත්වෙනවා.
පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, මාර්තු 22 වනදා වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.
