දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කළ නවතම විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළි වූ බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ වන අතර එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100 පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවෙසකට වඩා 50& කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම, ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා 97% කින් ඉහළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කළ විශ්ලේෂණය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නක් බවත් මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ 4% කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙනු ඇති බවත් එම ආයතනය පෙන්වා දෙන්නේ.

එසේ අඩු කළද ශ්‍රී ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියානු කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය අනාවරණය කරනවා.

ඒකක 100, 200 සහ 300 ක විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේද යන්න මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර තිබෙනවා.

මෙම විශ්ලේෂණයේදී සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here