කටුනායක ගුවන් තොටුපළෙන් අද උදෑසන පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් අවලංගු කර තිබෙනවා.
ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ කටුනායක සිට මලයාසියාවේ ක්වාලම්පූර් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ එම්. එච්. 178 දරණ යානයත් ඉන්දියාවේ හයිද්රාබාද් දක්වා උදෑසන 7.25ට පිටත් වීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් නේපාලයේ කත්මණ්ඩු දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ යානයද අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේත් ගුවන් ගමන් වාර 7ක් අවලංගු කරනු ලැබූ අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි