ඊයේ රාත්‍රී 8.30ට පමණ තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී එස්. ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
මියගොස් ඇති කාන්තාව මුහුනේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර , ඇයව බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පොලිස් විමර්ශනවලදී නිවසේ නිදන කාමරයේ, මැදසාලේ සහ ඉදිරිපස දොරටු අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.
අලුත්ගම පොලිසිය සිදු කළ විමර්ශනවලට අනුව මේ වන විට එම නිවසේ පදිංචිකරුවන් වෙතින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්,මෙම කාන්තාව මෙම සිද්ධියට මුහුණපාන වෙලාවේ එම නිවසේ එම කාන්තාවගේ ස්වාමියා,පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බවත්,ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටියදී රෝහල් ගත කළ බවයි.
මේ වන විට පොලිසිය ඝාතනය සිදුකළ කාන්තාවගේ ස්වාමියාගෙන් දරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් කටයුතු සිදු කරමින් පවතී.
මෙම අභිරහස් ඝාතනය නිවසේ සිටි පුද්ගලයෙකු සිදු කළේද ඒම නැත්නම් බාහිරින් පැමිණි පුද්ගලයකු සිදු කළේ ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ සිදුකර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කළුතර නිසා භාරව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අලුත්ගම පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.
(සම්පත් කුලරත්න – කළුතර)