පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීමේ නඩු විභාගය අද (27) අවසන් වී තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද නිවේදනය කළේ, නඩුව විභාගයට ගත් මෙම නඩුවේ තීන්දුව අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

රතුපස්වල වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කර බ්‍රිගේඩියර්වරයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිව්දෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා.

2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මරණයට පත්වූ අතර 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here