බොරැල්ල ඩි එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙන බව බොරැල්ල පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නලින් සම්පත් ප්‍රේමරත්න නමැති 24 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර සිදුව තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.