අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙනවා.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here