ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර තිබීම විශේෂත්වයක්.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර අනතුරුව ඔහු මුහුණ දුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහුට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.

එම සංචිතය පහතින්,

Najmul Hossain Shanto (Captain), Zakir Hasan, Mahmudul Hasan Joy, Shadman Islam, Litton Kumer Das, Mominul Haque Showrab, Shakib Al Hasan, Shahadat Hossain Dipu, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Syed Khaled Ahmed, Nahid Rana, Hasan Mahmud

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here