දිවුලපිටිය නගරයේදී 2024-02-28 දින අවුරුදු 26 ක කාන්තාවකට අනියම් පුරුෂයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ දිවුලපිටිය නගරයේදී කාන්තාවට බඩ ප්‍රදේශයට සහ පපුව ප්‍රදේශයට පිහියෙන් ඇන පලා ගොස් ඇත.

ඉන් පසු මෙම කාන්තාව දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට යවා ඇති බවත් දැනට මෙම කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දිවුලපිටිය පොලිසිය පවසයි.

මෙම සැකකරු දෙදෙනාගෙන් යතුරුපැදිය පැදවන් ආ සැකකරු සහ යතුරුපැදිය දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-03-19 දක්වා මීගමු රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බව මීගමුව පොලිස් අධිකාරි (02) පාලිත අමරතුංග මහතා සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති හේමා ලියනගේ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇත.

මෙම විසි හය හැවරදි කාන්තාවට පිහියෙන් ඇන මෙම ඡායාරූපයේ ඉන්න පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින පුද්ගලයා ඔබ දන්නවා නම් ළඟම ඇති පොලිසියට සහ මෙම දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාව ඉල්ලයි.

දිවුලපිටිය පොලිසි ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය
(071-8591630)

දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හේමාල් ලියනගේ
(071-8594134)

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here