නාගානන්ද කොඩි තුවක්කුගේ නීතිඥ භාවය ඔහුගේ ජීවිත කාලයටම බලපාන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කිරීමේ සංසිද්දිය සාකච්චාවට හා සංවාදයට ලක්විය යුතු වැදගත් මාතෘකාවක් වුවත් තවමත් එය අධිකරණයට හා නීතියට සම්බන්ද අංසවල සාකචාවට හෝ සංවාදයට හේතුවී තිබෙන බවක් පෙනෙන්නේ නැත.එසේ වී ඇත්තේ ශේෂ්ඨාධිකරනය පනවා තිබෙන තහනම ඒ සියළු දෙනා අනුමත කරන නිසාද? එසේ නැතිනම් මොන හේතුවක් නිසා හෝ ඒ ගැන කථා කිරීම සුදුසු නොවේ යයි ඔවුන් විස්වාස කරන නිසාද?
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ව්‍යවස්ථාදායකය , විධායකය හා අධිකරණය යන ප්‍රධාන බලමණ්ඩල තුනක් මගින් වෙන් වෙන්ව පවත්වාගෙන යායුතුයි කියන නියාය වාදයේ ප්‍රධාන නිර්මාතෘවරයා ප්‍රංස දේසපාලන නියායවාදියෙකුවූ මොන්ටෙස්කිව් ( Montesquieu) ය.ඔහුගේ මතය වූයේ මහජනයාගේ අයිතිවාසිකම් හොදින් ආරක්ෂා කිරීමට නම් එක් බලමණ්ඩලයකට අනෙක් බල මණ්ඩල ග්‍රහනයට ගත නොහැකි ආකාරයට එම බල මණ්ඩල නිර්මාණය කළ යුතු බවය.මොන්ටෙස්කිව් ගේ බලය බෙදීමේ නියාය ඇමරිකානු විවස්ථාව කෙරෙහි බලවත් ලෙස බලපෑවේය.එම නියාය වාදය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රම කෙරෙහිද බලපෑවේය.ඒ අනුව නීති හා ප්‍රතිපත්ති සම්පාදනය සිදුකළ යුත්තේ විවස්ථාධායකය විසිනි.එම ප්‍රතිපත්ති හා නීති ක්‍රියාත්මක කල යුත්තේ විධායකය විසිනි.පුරවසියන් ප්‍රවැසියන් අතර ද පුරවසියන් හා ආණ්ඩුව අතර ද ඇතිවන ආරවුල් වලදී යුක්තිය පසිඳලීමේ වගකීම ද රටේ ආණ්ඩුක්‍රම විවස්තාව හා මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ වගකීම ද පැවරී ඇත්තේ අධිකරණයරණය ටය.ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රමයේ මෙම ප්‍රධාන බල මණ්ඩල තුන අතරින් වර්ණවත්ම ඓතිහාසික විකාශනයකට හිමිකම් කියන්නේ අධිකරණයි.එහි පරිනාමයේ ඉතිහාස කථාව ඉතා දීර්ගය.කිසිදු නිදහස් මිනිසෙක් රටේ නීතිය මගින් නිත්‍යානුකූල විනිශ්චයකින් හැර අන්කිසිම ක්‍රමයකින් අල්ලාගැනීම, සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම නොකල යුතුයි කියන මැග්නා කාර්ටා ප්‍රඥප්තිය ඇතිවුයේ මීට වසර 809 කට පෙර 1215 දීය.විධායකයේ නොපනත් කම්වලින් මිනිසුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොඩ නැගෙන හබයාස් කෝපුස් රිට් ආඥා ක්‍රමය ඇති වනුයේ දාහතර වන සියවසේදීය.ඒවායින් හා ඊට අතිරේකව පසු කාලෙක ඇතිවන අයිතිවාසිකම් ප්‍රක්ඥප්ති මගින් හා අපට ලැබී තිබෙන ආරක්ෂාවේ පරිමාව අති විශාලය.නූතන ආණ්ඩුක්‍රමය තුළ තිබෙන ප්‍රධාන බල මණ්ඩල තුනෙන් අධිකරණය ශ්‍රේෂ්ඨතම බල මණ්ඩලය ලෙස සැලකිය හැකිය.රට රටවල් වල ඇති අධිකරණ ක්‍රමවල දියුණුව එක සමාන නැත.ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය බලවත් සේම ඉදිරි ග්‍රාමීය.ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා දියුණුවෙන් අඩු ශ්‍රේෂ්ඨාධිකරණ තිබෙන රටවල් පවතී.ජාතික රාජ්‍යක යුක්තිය ඉටුකිරීම සදහා ඇති කර තිබෙන සංවිධාන ක්‍රම හා යුක්තිය ඉටුකරන ආකාරය එම ජාතියේ ශීලාචාරත්වයේ තරම පිලිබිඹු කරන බව කියා ඇත්තේ හැරල්ඩ් ලැස්කිය.
දේසපාලන ක්‍රමයට ඇතුළත් හැම බලයක්මත් පරික්ෂාවට ලක්විය යුතු බව හා කිසිදු බලයකට පරික්ෂාවට ඉහලින් සිටීමට ඉඩ දිය යුතු නැති බව කියා තිබෙන්නේ නීතිය මත පාලනය( “The Rule of Law”) යන විශේෂිත යෙදුමේ හා එම යෙදුමට අදාල නූතන අදහසේ නිර්මාතෘවරයා වන 19 වැනි සියවසේ කීර්තිමත් බ්‍රිතාන්‍ය මහාචාර්‍යවරයෙකු වූ ඒ.වී.ඩයිසිය. ඩයිසිගේ මේ කොන්දේසිය විධායකයට හා විවස්ථාදායකයට පමණක් නොව අධිකරණය ටද අදාලය.එහෙත් ව්‍යවස්ථාදායකය හෝ විධායකය විවේචනය කෙරෙන ස්වරයෙන් අධිකරණය විවේචනය කිරීමට ඉඩ දීම සුදුසු නැත.අධිකරණයේ පැවැත්මට මහජනයාගේ විස්වාසය හා ගෞරවය අත්‍යාවශ්‍යය.ඒ නිසා සියළු විවේචනයන් සිදු විය යුත්තේ නිසි සංයමයකින් හා ගෞරවයකින් යුතුව අධිකරණය යහපත් කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ලෙස මිස අධිකරණය අයහපත් කිරීමට හා දුර්වල කිරීමට හේතුවන ලෙස නොවේ.සමහර සමාජ මාධ්‍යය විධායක නිලධාරින් හා විවස්ථාදායකයේ නියෝජිතයින් විවේචනය කරන “අඩෝ ” ” පඩෝ” භාෂාවෙන් අධිකරණය හෝ අධිකරණ නිලධාරීන් විවේච්නය කරන තත්වයක් ඇති වුවහොත් ඉන් අධිකරණයට විය හැකි හානිය අති විශාලය.ඒ නිසා අධිකරණයට එල්ලවන සාධාරණ නොවන විවේචන පාලනය කිරීමට බලයක් හා ක්‍රමවේදයක් අධිකරණයට තිබිය යුතුය.එහෙත් අධිකරණය එය පාවිච්චි කළ යුත්තේ නීතියට අනුකූලව සාධාරන ලෙසය.මෙම නිෂ්චිත විෂයේදී ඉන්දියාවේ හා ලංකාවේ ශෙෂ්ඨාධිකරනයන් සිටින අස්ථානයන් අතර ලොකු පරතරයක් පවතී. ලංකාවට වෙනස්ව අධිකරණයේ කටයුතු නිසි සංයමයකින් යුතුව විවේචනය කිරීමට සමාජයට තිබෙන අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී.අධිකරණ අපහාසයට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 අගෝස්තුවලදී වරදකරුවකු කරන ලද ප්‍රකට නීති ක්‍රියාධරයෙකුට පනවන ලද දඩය වුයේ ඉන්දියන් රුපියලකි.පනවන ලද දඩුවම සංකේතාත්මක දඩුවමක් විය.ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරන අපහාස විෂයේදී වරදකරුවන් බවට පත් කරනු ලැබූ පුද්ගලයින් සම්බන්දයෙන් අනුගමනය කර ඇත්තේ ඔවුන්ට දෑඩි ලෙස දඩුවම් දෙන ප්‍රතිපත්තියකි.අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදී විරුද්ධවාදීන් නිහඩ කිරීම සදහාද උසාවි අපහාස නීතිය පාවිච්චි කළේය.
ටෝනි ප්‍රනන්දුට 2003 පෙබරවාරි 06 වනදා උසාවි අපහාසය යටතේ එක් අවුරුදු සිර දඩුවමක් පමුණුවනු ලැබුවේ සාධාරන පදනක් නැතිවය.ඉන් පසු 2004 දෙසැබර් 08 වන දින එස්.බී.දිසානායකට එරෙහිව උසාවි අපහාසය යටතේ වසර දෙකක සිර දඩුවමක් පමුණුවන ලද්දේද පිළිගතහැකි යුක්ති සහගත ආකාරයකට නොවේ.ටෝනිට දෙනලද තීන්දුව හා එස්.බී ට දෙනලද තීන්දුව අවස්තා දෙකකදී ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ විමර්ශනයකට ලක්වූ අතර ලංකා ආණ්ඩුව ටෝනිගේ හා එස්බීගෙ මානව හිමිකම් උල්ලංගනය කර ඇතිබව එම කමිටුව ප්‍රකාශ කළේය..ඒ අතර තුර කාලයේදී නීතිඥයින් අතර සිටි මුණිවරයෙකු බඳු පුද්ගලයෙකු වූ එල්මො පෙරේරාගේ නිතිඥබාවයද වසර හතක කාලයක් සදහා අහෝසිකරන ලදී.එල්මො පෙරේරා අගවිනිසුරු දූරයේ සිටි සරත් සිල්වාව විවේචනය කල නීතිඥ වරයෙකි.වසර හතක් සඳහා ඔහුගේ නීතිඥ භාවය තහනම් කෙරුණු එම තීන්දුව මට පෙනුනේ ඔහුගේ කට වැසීම සඳහා දෙන ලද දඩුවමක් වශයෙනි.ඉන්පසු මේ විෂයෙහි ප්‍රස්න ගත පුද්ගලයෙකු බවට පත්වන්නේ බොදු බල සේනාවේ ඥානසාර හිමියන් ය .ඒ හිමියන් 2016 වසරේදී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමග නඩුවක් ඇසෙමින් තිබුණ අධිකරණයකට කඩා වැදී ලොකු කාල ගෝට්ටියක් කරන ලද අතර එය එතෙක් සිදුවී තිබුණ අධිකරණ අපහාස සිද්දින් අතර බරපතලම සිද්දිය ලෙස සැලකිය හැකිය.ඥානසාර හිමියන්ට 2018 අගොස්තු වලදී ශ්‍රේෂ්ඨාධිකරණය 6 වසරක සිර දඩුවමක් පමුණුවන ලද අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019 නොවැම්බර් වලදී ඒ හිමියන්ට ජනාධිපති සමාවක් ලබා දෙන ලදී.පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක 2017 අගෝස්තුවලදී අධිකරණය පිළිබදව කරන ලද ප්‍රකාශයක් මත ශ්‍රේෂ්ඨාධිකරණය 2021 ජනවාරි 12 වනදින වසර 04 ක සිර දඩුවමක් ඔහුට ලබා දෙන ලද අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට 2922 අගෝස්තු 26 වනදා කෝන්දේසි සහිත සමාවක් ලබා දෙන ලදී.මේ ලැයිස්තුවට එකතුවන අන්තීමයා ලෙස සැලකිය හැක්කේ අපේ සාකච්චාවට ලක්වී සිටින නාගානන්ද කොඩිතුවක්කු ය.
නාගානන්දගේ ප්‍රස්නය වෙනත් අය කතා කලේ නම් මා එම ප්‍රස්නය කථානොකර සිටින්නට ඉඩ තිබුනි.එහෙත් කිසිවෙක් ඒ ගැන කථා නොකිරීම නිසා ඒ ගැන කථා කල යුතුයි කියන අදහස මා තුළ ඇතිවිය.මේ නඩුවේදී නාගානන්ද අතින් වැරදි සිදුවී තිබෙනවා විය හැකිය.එහෙත් මා ඔහු පිලිබඳ ප්‍රස්නය දෙස බලන්නේ ගොරොසු ලෙස හා සමහර විට වැරදි ලෙස වුවත් මේ අර්බුද කාලයේදී අධිකරණයේ ප්‍රස්න ගැන නොබියව කථාකරන තත්වයක සිටි එකම පුද්ගලයා ඔහු වීම නිසාය.ඔහු ගේ විවේචනයන් තුළ දෝෂ තිබුනා විය හැකිය.වැදගත් දේ අධිකරණය විවේචනය කිරීමට අවශ්‍ය කරන නිර්භීතකම ඔහු තුළ තිබීමය.නිර්භීත කමට අතිරේක වශයෙන් උසස් අධිකරනයේ විනිසුරුවරුන්ගේ විස්වාසයට හා ගෞරවට හේතුවන ලෙස සිය විවේචනාත්මක කටයුතු පවත්වාගෙන යන්නට ඔහු සමත් වී නම් ඔහුගේ ප්‍රවේශය යහපත් හා ඵලදායි ප්‍රතිපල ඇති කිරීමට හේතු වන්නට ඉඩ තිබුණි.ඔහු සම්බන්දයෙන් අධිකරණය අනුගමනය කර තිබෙන දැඩි ප්‍රතිපත්තිය කිසියම් ප්‍රමාණයකට හෝ ලිහිල් කිරීමට සමත් වන්නේ නම් එයින් සමාජයට ලබා දෙන සංඥාව ඉතා යහපත් සේම බලත්ද වන්නේයེ.ලංකාවේ අධිකරණය ඉතා දියුණු හා පරිපූර්ණ තත්වයක තිබෙන්නේ යැයි කිවනොහැකිය.රටක දියුණුව කෙරෙහි ඒ රටේඅධිකරණ ක්‍රමයේ දියුණුවේ තරමද බලපායි.ලංකාවේ අධිකරණ ක්‍රමය ස්වාධීන හා කාර්‍යක්ෂම අධිකරණ ක්‍රමයක් බවට පත් කරගත යුතුය.එසේම ලංකාව එකඟවී ඇති මානව හිමිකම් පිළිබඳ ප්‍රක්ඥප්තීන් දේශිය නිතියට එකතු කරගැනීම සදහා අඩිකරණය පුරෝගාමි කාර්‍යභාරයක් ඉටුකල යුතුය.නඩු ප්‍රමාදය රටේ කාර්‍යක්ෂම තාව හා ආර්ථික ඵලදායිතාව හීන කරන බලවත් සාදකයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.අපරාධ නඩුවක් අවසන් කිරීමට අවුරුදු 10- 15 ත් අතර කාලයක් ගත වේ.සිවිල් නඩුවක් අවසන් කිරීමට අවුරුදු 20-30 ත් අතර කාලයක් ගතවේ.දික්කසාද නඩුවක් අවසන් කිරීමට පවා අවුරුදු 5-10 අතර කාලයක් ගතවේ.අධිකරනයේ ඩිජිටෙල් කළ හැකි කටයුතු ඩිජිටෙල් කිරීම මගින් අධිකරණයේ කටයුතු කාර්‍යක්ෂම කළ හැකිය.රටේ කාර්‍යක්ෂම තාවය කෙරෙහි අධිකරණයද බලපායි.කාර්‍යක්ෂම අධිකරණයක් කාර්‍යක්ෂම රාජ්‍යක් ඇති කරයි.නවීන අධිකරණ ක්‍රමයක් සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන අතර අධිකරණයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරගත හැකි වනු ඇත්තේ විවේචනයට හා විචාරයට වැසී තිබෙන දොරටු විවුර්ත කිරීමෙනි.
නාගානන්දට උසාවි අපහාස චෝදනාවකට පැටලෙන්නට සිදුවුනේ මීට වසර 37 කට පෙර එනම් 1988 මැයි 24 වනදා සම්මත කරගන්නා ලද 14 වැනි සංසෝධනය නීතිගත කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බව ප්‍රකාශ කරමින් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ආශ්‍රයෙන් සිදුවූ අතුරු සිදුවීම් ගනනාවක් නිසාය.විවස්තාව අනුව ලංකාවේ ශේෂඨාධිකරනයට අධිකරණ සමාලෝචන බලයක් නැත.විවස්ථාවේ 124 වැනි වගන්තිය අනුව 120,121 හා 122 විධි විධාන වලින් පණවා තිබෙන සීමාවන්ට යටත්ව හැර පනතක විවස්ථානූරූප භාවය සලකා බැලීමේ බලයක් ශේෂටාධිකරණයට නැත.විවස්ථාවේ 120 වැනි වගන්තිය අනුව ජනරජ විවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංසෝධනය කිරීම සදහා හා නැතහොත් ආණ්ඩුක්‍රම විවස්ථාව පරිච්ජින්න කොට ඒ වෙනුවට වෙනත් විවස්තාවක් පැනවීම සඳහාවූ පනත් කෙටුම්පතක් ලෙස දීර්ග නාමයෙන් විස්තර කර ඇති පනත් කෙටුම් පතකදී ශේෂඨාධිකරණයට සලකා බැලිය හැක්කේ අනුමැතිය සඳහා ජනමතවිචාරණක් අවශ්‍යද යන්න පමණය.එසේම ආණ්ඩුක්‍රම විවස්ථාවේ යම් කිසි විධිවිධානයක් සංශෝධනය සදහා වූ නැතහොත් පරණ විවස්ථාව වෙනුවට අලුත් විවස්ථාවක් පැණවීම සඳහා පණත් කෙටුම්පතක් ලෙස දීර්ග නාමයෙන් විස්තර කොට ඇති පනත් කෙට්‍ය්ම් පතක් විශේෂ බහුතර ජන්දයෙන් සම්මත කිරීමට හා ජනමත විචාරනයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ඇමති මණ්ඩලය සහතික කරනු ලැබූ අවස්ථාවක එවැනි පනත් කෙටුම්පත්ක් සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයට කළ හැකි කිසිවක්ම නැත.ආණ්ඩුක්‍රම විවස්ථාවේ යම් කිසි විධිවිධානයක් සංසෝධනය කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම විවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම විවස්තාවක් පැනවීම සදහා වූ පනත් කෙටුම් පතක් ලෙස දීර්ඝ නාමයෙන් විස්තර කර නොමැති පනත් කෙටුම් පතක් නියමීත විශේෂ බහුතර ජන්දයෙන් සම්මත කිරීමට අදහස් කරන බවට ඇමති මණ්ඩලය සහතික කරනු ලැබූ අවස්ථාවකදිද ශේෂ්ඨාධිකරණයට සලකා බැලිය හැක්කේ ඊට ජනමත විචාරණයකින් අනුමැතිය ලැබිය යුතුද නැද්ද යන්න පමණය.අනපනත්වල තිබෙන දෝෂ මත ඒවා නිවරදි කිරීමේ, අවලංගු කිරීමේ ඒ වැරදි ගැන සොයා බැලීමෙ බලයක් ලංකාවේ අධිකරඹටර නැත.එසේ වීමට හේතුවී ඇත්තේ අධිකරන විමර්ශන බලය අධිකරනයට ලබා දී නැති නිසාය.
මාද අධිකරන විෂයෙහි ඉතාමත් සුවිශේෂ අරගලයක නිරතවූ පුවත් පත් කතුවරයෙකු ලෙස සැලකිය හැකිය.එම අරගලයෙන් උගත හැකි පාඩම් බොහෝය.. එය පහළ අධිකරණයේ මහේස්ත්‍රාත් වරයෙකුට,දිසා විනිසුරු වරයෙකුට හා රටේ නීති පතිට එරෙහිව කරනලද අරගලයක් විය.මහේස්ත්‍රාත් වරයා ( ලෙනින් රත්නායක) තමන් ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ තමන් විසින් රිමාන්ඩ් බාරයට පත් කල පුද්ගලයෙකුගේ තරුණ බිරිඳක් තානායමකට රැගෙන ගොස් ලිංගීක ආශාවන් සපුරාගෙන තිබුණි .ඒ ගැන ඇය හා ඇගේ ස්වාමි පුරුෂයා අධිකරන සේවා කොමිෂමට නීතිඥ කල්‍යානන්ද තිරාණගම මඟින් ඉවිධිමත් ලෙස පැමිනිලි කර තිබුනද ඒ ගැන සොයා බැලීමක් සිදුවී නොතිබුණි.එම විනිසුරුවරයා නීතිඥයකු වී අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂන සංස්තාවේ ලිපි කරවකු ලෙස සේවය කර තිබුණු අතර එහිදී සිදුකර තිබුණ මුදල් වංචාවක් නිසා සේවයෙන් පහකර තිබුණි.ඔහු නීතිඥයෙක් වී තිබුනේද පසුව අධිකරණ සේවයට එකතු වී තිබුනේද එම සිද්දිය වසන් කරමිනි. මෙම මහේස්ත්‍රාත් වරයාගේ වංචාකාරි ඉතිහාසයට අදාල තොරතුරු තිබියදීත් නීතිපති සරත් සිල්වා එම දූෂිත මහේස්ත්‍රාත්වරයාව දැඩි ලෙස ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම නීතිපති කෙරෙහි ද බලවත් සැකයක් මා තුළ ඇතිකිරීමට හේතුවී තිබුණි.ඒ නිසා මට නීති පති සරත් සිල්වා ගැනද සොයා බලන තැනකට යන්නට සිදුවිය.සරත් සිල්වා අභිආයාචනා අධිකරණයේ විනිසුරු වරයෙකු ලෙස සිටියදී ඔහු සම වග උත්තර කරුවකු කරමින් රසායන ඉංජිනේරුවරයෙක් සිය බිරිඳට එරෙහිව දික්කසාද නඩුවක් පවරා තිබුණි.එම නඩුව විභාග කල විනිසුරු වරයා( දිසා විනිසුරු උපාලි අබේරත්න) නීතියට පටහැනිව පැමිණිළිකරු බලවත්ලෙස පීඩාවට පත් කෙරෙන අකාරයට එම නඩුව පවත්වාගෙන ගොස් තිබීමේ සිද්ධියක් පිලිබදව රසායන ඉන්ජිනේරුවරයා කරන ලද පැමිනිල්ලක් මත අධිකරන සේවා කොමිෂම ඒ ගැන පරීක්ෂනයක් පවත්වා එම විනිසුරුවරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට තීරන කර තිබුණද එම තීරනය ක්‍රියාත්මක නොවන තත්වයකක් ඇතිවී තිබෙන බව බව මට දැනගැනීමට ලැබුණි.එම නඩුවේදී එම විනිසුරුවරයා විනිසුරු සරත් සිල්වාගේ ආරක්ෂාව සදහා නීතියට පටහැනි ලොකු කාර්‍යභාරයක් ඉටු කර තිබුණි.ඒ සමඟ මම මහේස්ත්‍රාත් වරයාට අතිරේකව දික්කසාද නඩුව අනීතික ලෙස විභාග කළ දිසා විසුරුවරයාට හා නීතිපතිට එරෙහිව බලවත් ලෙස පෑන හසුරුවන හා හඩ නගන තැනකට තල්ලු වුනෙමි.ඒ සදහා කෙරෙන හඬ නැගීම නතර කිරීමකින් තොරව ඉදිරියට ගලා යාම නිසා එම අර්බුදයට මැදිහත් වීමට නීතිඥ සංගමයට සිදුවිය.එවකට එම සංගමයේ සභාපති ලෙස ක්‍රියාකල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවා ඔවුන් ගෙන් ඊට සුදුසු විසඳුමක් ඉල්ලා සිටියේය.එම සම්මේලනයේ තීරනයන් වුයේ මා චෝදනා කරන විනිසුරුවරුන් දෙදෙනා ගැන පළමුව සොයා බැලිය යුතු බවත් ඒ දෙදෙනාට එරෙහිව මා එල්ලකරන චෝදනා සනාථ වේ නම් පමණක් නීතිපතිට එරෙහිව මා එල්ලකරන චෝදනාගැනද සොයා බලන තැනකට යායුතු බවත්ය.මා එල්ලකරන චෝදනා සනාථකිරීමට අසමත් වෙතොත් මට එරෙහිවද දැඩි ප්‍රතිපත්තියක් අනුගමය කිරීමට නිර්දේශ විය.සභාපතිවරුන්ගේ සම්මේලනය එම නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ අගවිනිසුරු ජී.පී.එස් ද සිල්වාටය.
එහි ප්‍රතිඵ්ලයක් ලෙස විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කරන චෝදනා පරීක්ෂාකිරීම සදහා අභිආයාචනා විනිසුරුවරුන් ගෙන් සමන් විත ත්‍රී පුද්ගල පරීක්ෂන කමිටු දෙකක් පත් කෙරින.පරීක්ෂණ කමිටු දෙකම ඔවුන්ට එල්ල වී තිබුන චෝදනාවලට මේ විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය.එය මේ අරගලයෙදීලැබු දැවැන්ත ජයග්‍රහනයක් විය.ඉන් පසු මා නීතිපති සරත් සිල්වාට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පැමිණිලි කලෙමි.රසායන ඉන්ජිනේරුවාද නීතිපතිට එරෙහිව පැමිණිලි කලේය.මෙම පැමිනිලි දෙක මත නීතිපතිට එරෙහිව පරීක්ෂනකට යනවාට ශේෂඨාධිකරනයේ විනිසුරුවරුන් තිදෙනෙන් විරුද්ධ වුවත් අනෙක් සියළු විනිසුරුවරුන් පරික්ෂනයකට පක්ෂව පෙනී සිටියේය.අධිකරණයේ තිබෙන කුණු ඉවකිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ඒ මොහොතේ ශේෂ්ඨාධිකරන විනිසුරුවරුන් බලවත් ලෙස පෙනී සිටි අකාරය ඉන් පෙන්නුම් කරයි.නිතිපතිට අදාල පරීක්ෂනය පවත්වාගෙන යාමට සියළු කටයුතු සූදානම් කර තිබුණ අවස්තාවක ජී.පී.එස් සිල්වා අග විනිසුරුවරයා විශ්‍රාම ගියේය. අධිකරණයේ සිදුවෙමින් තිබුණ දේවල් ජනාධිපතිනිය දැක්කේ ආණ්ඩු විරොධි ක්‍රියාදාමයක් ලෙසය.අධිකරණය තමන්ට පක්ෂපාතව ක්‍රියා කරන තැනකට ගැනීමට කල හැකි හොදම දේ ලෙස ඇයට පෙනුනේ බෙල්ල හිරකර ගනිමින් සිටි තමන්ගේ විස්වාස වන්ත සගයා වූ සරත් සිල්වා එල්ල විය හැකි විරෝධ නොසලකා අගවිනිසුරු දූරයට පත් කිරීමය.සියළු දෙනා විශ්මයට පත්කරමින් ඇය එම වරද දිරිමත් ලෙස කළේය.එම ක්‍රියාවට මා මාගේ විරෝධය පළකළේ නව අගවිනිසුරු ජනාධිපතිනිය ඉදිරියේ දිවරුම් දෙන ජායාරූපය උඩ යට හරවා ” අධිකරණ නිදහසේ මළ ගම” යන තේමාව යටතේ රාවයේ මුල් පිටුව කළු කොට රාවය කළු කලාපයක් ලෙස පළ කිරීමෙනි.එක්සත් ජාතින්ගේ සංවිදානයේ නිතිඥයින් හා විනිසුරුවරුන් සඳහා සිටින ඉහළම නිලද්ගාරියාවූ පරම් කුමාරස්වාමිද ජනාධිපතිනියගේ එම පත්කිරීමේ ක්‍රියාව හෙළා දැක්කේය.ඉන් පසු අපි තිදෙනෙක් නව අගවිනුසුරුගේ පත්වීම අභියෝගයට ලක්කරමින් නඩු පැවරුවෙමු.එම නඩුව අවසාන විග්‍රහයේදී පාළනය කළේ අගවිනිසුරු සරත් සිල්වා බැවින් එයින් ලැබිය හැකි ජයග්‍රහනයක් ගැන අපට කිසිදු විස්වාසයක් තිබුනේ නැත.අප නඩු කියන තැනකට ගියේ අධිකරනයේ නිදහස වෙන්වෙන් කෙරෙන තවදුරත් ඉදිරියට ගෙනයාම සඳහාය.එම නඩුව නිරීක්ෂනය සදහා විනිසුරුවරුන් හා නිතිඥයින්ට අදාල ජාත්‍යන්තර සංවිදාන ගනනාවක් එකට එකතුවී කේරළයේ විශ්‍රාම ගිය අගවින්සුරුවරයෙකු එම නඩුව නිරීක්ෂනය සදහා නිරීක්ෂකයෙකු ලෙස ලංකාවට එවීය.මතබේදයට හේතුවූ නව අගවිනිසුරු වරයා ඉක්මනින් බලය තහ වුරු කරගනිමින් විරුද්ධවාදින් ගෙන් පලිගන්නා අතර අධිකරණයේ යහපත් ගමන් කනපිට හැරවීය.ලෙනින් රත්නායක නැවත අධිකරණට ගැනීමට පුලුවන් වුනේ නැතත් අඩුම වශයෙන් වංචාසහත අතීතිය වසන් කොට අධිකරණ සේවයට එකතුවීම මගින් අදිකරන සේවයට ඇති කරන ලද අලාභය ආපසු අයකර ගැනීමක් වත් සිදු නොවීය.සරත් සිල්වා සම වග උත්තර කරුවකු කෙරුණු නඩුවේදී ලබා දෙන ලද සහාය වෙනුවෙන් දිසා විනිසුරූ උපාලි අබේරත්න විශ්‍රාම යැවීමට ගෙන තිබූ තීන්දුව වෙනස් කොට නිෂ්චිත කාලයක් සඳහා උසස්වීම් වලකන දඩුවම් මාරුවක් ලබාදී දඩුවම් කාලය අවසන්වන්නට පෙර පෙර මහාඅධිකරණයට උසස් වීමක් ලබාදී ශේෂ්ඨාධිකරණය දක්වාම ඉහළ නැගීමට මඟ හදාදුන්නේය.මා සරත් සිල්වා අගවිනිසුරු දූරයට පත්වීමෙන් පසු ඔහු ගේ කටයුතු විවේචනය කරන පිළිවෙත අත් හැරියේ නැතත් ඔහු මා නිහඬ කිරීමට බලය යොදන පිළිවෙතක් අනුගමනය කළේද නැත.මා ඔහු සම්බන්ද අර්බුදය අලලා ලියන ලද ” නොනිමි අරගලය ” හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වන ” An Unfinished Struggle ” පොත් දෙක පළකරන ලද්දේ ඔහු අගවිනිසුරු දූරයේ සිටියදීය.එය ලොකු අවදානමක් සහිත ක්‍රියාවක් වුවද අගවිනිසුරුවරයා පොතට අභියෝග කරන තැනකට ගියේවත්,එයට එරෙහිව උසාවි අපහාස නීතීය පාවිච්චි කරන තැනකට ගියේවත් නැත.ජනාධිපති චන්දිරිකා ආචාර ධර්ම වලට පටහැනිව ඔහු අගවිනිසුරු දූරයට පත් නොකොට එම ශේෂ්ඨාධිකරණ පරික්ෂනය පවත්වාගෙන යන්නට ඉඩ දුන්නේනම් අධිකරණය බොහෝ නවීන වන්නට ඉඩ තිබුනා සේම රටේ දේසපාලන චිත්‍රය බොහෝ යයපත් වන්නට ඉඩ තිබුණි.