මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (12) සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4කට පහරදී ඇති බවට වාර්තා වනවා.

වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

ඊයේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩි තැබිමක් සිදු කළා.

අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබු අතර වෙඩි තැබිමෙන් ඔහුට හානියක් සිදුව තිබුණේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here