බඩල්ගම පොලිස් වසමේ මාස තුනක් අතුරුදහන් වූ දැරිය අද දින කටුනායක ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ අවුරුදු 16ක දැරියක් අතුරුදහන් වූ බව කියා දැරියගේ මව බඩල්ගම පොලිස් ස්ථානයේ පැමිල්ලක් දමා ඇත.

එම පැමිණිල්ලට ක්‍රියාත්මක වූ බඩල්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතා අතුරුදහන් වූ දැරිය සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

ඉන් පසු මීගමු පොලිස් අධිකාරි (02) අධීක්ෂණ යටතේ පොලිස් කණ්ඩායමක් යොදා පරීක්ෂණ පවත්වද්දී මෙම දැරිය කටුනායක අමන්දලුව ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී ඇත.

මෙම දැරිය සොයා පොලිස් කණ්ඩායමක් කටුනායක අමන්දලුව ප්‍රදේශයට ගොස් මෙම දැරිය සොයා අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් දැරිය සමග තවත් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම දැරිය සහ පිරිමි පුද්ගලයා බඩල්ගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වද්දී අතුරුදහන් වූ දැරිය පොලිස් ස්ථානාධිපති ඉදිරියේ දැරියගේ මව ගැන පාපොච්චාරණය කරන ලදී.

” සර් මාව පරිවාසක දාන්න එපා මට අම්මත් එක්කත් ඉන්න බෑ. අම්මා මට වෙනස්කම් කරනවා ගහනවා. මම ඒක නිසයි ගෙදරින් ආවෙ. අම්මා මාව පිටරට සුද්දෙට්ට බන්දලා දෙන්න හැදුවා. අනේ මම වැදලා ඉල්ලන්නං මාව පරිවාසෙට දාන්න එපා සර්… කියා ළමයා ප්‍රකාශ කළා.”

මෙම අවුරුදු 17 ක දැරිය හෙට දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බඩල්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතා පවසයි. මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here