රඹෑව ප්රදේශයේදී සිදුවූ බිහිසුණු රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කැබ් රථ රියදුරු සහ එහි ගමන්කළ සෙසු සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
මිහින්තලේ පොලීසිය සැකකරුවන් අද (10) උදෑසන අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
රඹෑව ප්රදේශයේ දී ඊයේ (09) අළුයම සිදුවූ එම අනතුරින් වයස අවුරුදු 16, 19 සහ 21 හැවිරිදි වියේ පසුවූ තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැකකරුවන් පැදවූ කැබ් රථය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලන් පස්දෙනෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.
අනතුරින් තුවාල ලැබූ ගැහැණු ළමුන් දෙදෙනෙකු ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් පසුව සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් තිබූ අතර මිහින්තලය පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.