හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩුව අද (28) යළිත් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here