අතීකාලවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 05වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අමිල සංජීව මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවය.
රේගු වෘත්තීය සමිති කිහිපයක් අතීකාල සේවාවලින් ඉවත්වී පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
ඒ, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.