සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පාතාල සාමාජිකයකු සමග සම්බන්ධතා පැවැත්වීමේ වීඩියෝ දර්ශනයක් හේතුවෙන් චෝදනා එල්ල වී ඇති අගලවත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතා තනතුරෙන් ඉවත්කිරීමෙන් හිස්වූ තනතුරට පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා පත්කර තිබේ.
පින්වත්ත ස්ථානාධිපති, කළුතර අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය ස්ථානාධිපති මෙන්ම කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරන ලද ධම්මික මහතා කළුතර දිස්ත්‍රික්කයේ අපරාධ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් නමක් දරා ඇති දක්ෂ නිලධාරියෙකි.
2003 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ධම්මික මහතා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
(සම්පත් කුලරත්න – කළුතර)