ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබේ. 

ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ ජන හමුව පැවැත්වෙනු ඇති.

ජාතික ජනබලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර තිබේ. 

ජනහමු හා සුහද හමු කිහිපයක් සඳහා සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here