මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කණා මුට්ටිය බිඳීම මෙම වසරේ සිට වාසනා මුට්ටිය බිඳීම ලෙස වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් සඳහන් කළේ.
එසේම අන්ධයාට කිරිකැවීම සගයාට කිරි කැවීම ලෙසද වෙනස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ නිවේදනය පහතින්.
