ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණා.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here