එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි රැළියක් බවට පරිවර්තනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, හෙට (01) දිනයේ මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේ මූලික කටයුතු අධීක්ෂණ කිරීමට සහභාගි වෙමිනි.
හෙට විශාල ජන ගඟ කොළඹට පැමිණෙන්නේ, ජාතියේ ආරක්ෂාව සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂා කර ගත යුතුයි කියන පණිවිඩය රටටත්, ලෝකයටත් ලබාදීම සඳහා බවත් ඔහු පැවසීය.