අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ සිදු කෙරෙනවා. (ඒ ඔහු විසින් සකස් කරනු ලැබූ සුසාන භූමියේදී යි.)
විදුලිසැර වැදීමක් හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම පසුගිය මස 16 වැනි දින ජීවිතක්ෂයට පත්වූ අතර ඒ වන විට ඔහු 64 වැනි වියේ පසුවූවා.
මේ වන විටත් තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ ‘හදිසි වියෝව’ සම්බන්ධයෙන් වන බොහෝමයක් සංවේදී සටහන් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
මියයන්නට ප්‍රථම ඔහු සහභාගී වූ ‘රූපවාහිනි වැඩසටහනක’දී තෙවරප්පෙරුම සිය ‘පොඩි පුතා’ ගැන කියූ සංවේදී කතාවක් ද බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍යයේ පළ කොට තිබුණා.
එය පහතින්…
‘පොඩි පුතා මාව බලන්න එනවා ඉතින්. පොඩි පුතා මාත් එක්ක චුට්ටක් කේන්තියෙන් ඉන්නවා හේතුවක් නැතුව. මම තරහාක් නෑ, පුතාගේ පොඩි තරහක් තියනවා. මට ඒක දැනගන්නෙ නැතුව මැරෙන්න විදිහකුත් නෑ. කොහොම හරි දැනගන්න ඔිනි හේතුව මොකද්ද කියලා. එයා එහෙම කියන කෙනෙකුත් නෙවෙයි. මම එහෙම අහන කෙනෙකුත් නෙවෙයි. දෙන්නට දෙන්නා හිතේ තියාගෙන ඉන්නවා ඉතින්. එයා රත්තරන් පුතෙක්… බැන්ඳහම ඉතින් වෙනස් වෙනවනේ…’
තෙවරප්පෙරුමගේ මෙම සංවේදී ප්‍රකාශයට ‘පරිශීලකයින්’ විවිධ ප්‍රතිචාර දක්වා ඇති අයුරු ද අපට දැකගත හැකිවුණා.





