රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල ඒ.ටි.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනිමට පැමිණෙන ගණුදෙණුකරුවන්ගේ ඒ.ටි.එම් කාඩ්පත ලබාගෙන ගණුදෙණකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබු මුදල් ලබාගත් පුද්ගලයෙකු හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් (10) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි අවු 27 හැවිරිදි අයෙකු බවත්, සැකකරු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නිවාඩු දිනවල සහ බැංකු වසා දැමිමෙන් අනතුරුව එම බැංකු වල ඒ.ටි.එම් යන්ත්‍ර වෙත පැමිණ එම යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනිමට නොහැකි වන ගණුදෙණුකරුවන්ට මුදල් ලබා ගැනිමට උපකාර කරන මුවාවෙන් ගණුදෙණුකරුගේ කාඩ්පත සහ රහස්‍ය අංකය ලබාගෙන පසුව ඔහු ගණුදෙණුකරු වෙත වෙනත් ඒ.ටි.එම් කාඩ්පතක් ලබාදිම සිදු කර ඇති බවයි හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් කරන ලද මුලික විමර්ෂණයණයේදි අනාවරණය වි ඇත.

සැකකරු ලබාදුන් කාඩ්පත භාවිතා කර ඒ.ටි.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනිමට නොහැකි වු ගණුදෙණුකරු එම ස්ථානයෙන් පිටව ගිය පසු සැකකරු එම ගණුදෙණුකරුගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබු මුදල් අවස්තා කිහිපයකදි ලබාගෙන ඇත.

සැකකරු හැටන් , කොටගල , තලවකැලේ , ලිදුල සහ ආගරපතන යන ප්‍රදේශවල මෙවැනි ආකාරයට ඒ.ටි.එම් යන්ත්‍ර වලින් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ වෙනත් ගණුදෙණුකරුවන්ගේ ඒ.ටි.එම් කාඩ්පත් කිහිපයක් තිබි පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වතු කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදු කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් මිට ප්‍රථම මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනිම් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු වරද පිලිගෙන ඇති බවත්, ඔහුට දඩුවම් ලබාදිමට නියමිත වි සිටින චුදිතයෙකු බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේ.

පසුගිය දින කිහිපය තුල හැටන් ප්‍රදේශයේ ඒ.ටි.එම් කාඩ්පත් වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනිම් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සමත්වි ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here