ගත වූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර ඉන් මරණ 10ක් වාර්තා වී තිබෙනවා.
මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එමෙන්ම බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා.
එබැවින් රථවාහන නීති රීති නියමිත පරිදි පිළිපදින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.