ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here