ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අතිශය සංවේදී ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා ඔබට අමතක නැතුවැති.
මෙම ඡායාරූපයත් සමඟ ඔහු ගැන බොහෝ ‘කටකතන්දර’ ද සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන්නට වුණා.
ඔහුගේ බිරිඳ වන ‘දිල්හානි ඒකනායක’ පමණක් නොව ඔහුගේ පුතණුවන් හා ලේලියත් ඔහුව නොසළකා හැර ඇති බවට ද ඇතැම් වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා සාවද්‍ය තොරතුරු වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, ඒ සියල්ල අසත්‍ය තොරතුරු පමණක් බවත්, තමන් සිය පවුලේ සමීපතමයින් හා සුවෙන් සිටිනා බවත් ප්‍රියංකර සඳහන් කර සිටියා.
මේ අතර, පසුගිය දිනෙක යෙදී තිබුණු ප්‍රියංකරගේ උපන්දිනය වෙනුවෙන් දිල්හානි ඒකනායක සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට සටහනක් හා සේයාරුවක් එක් කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.
Manny happy returns of the day and may god bless you priyankara perera (papa)


