අද දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමක් කැඳවීමට තිලංග සුමතිපාල සුදානම් වන බවයි වාර්තා වන්නේ, නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංගු සුමතිපාල හා මහින්ද අමර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා තිබෙන මොහොතකයි මේ රැස්වීම කැඳවා තිබෙන්නේ.

ඒ අනුව මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න උපලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන් සහ ජේෂ්ඨ උපසභාපති අංගගජන් රාමනාදන් යන අයත් සහභාගී නොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here