අයිස් සහ මත්පෙති රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු (31) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම් මුර්ති මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කල බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.
බන්ධනාගාර ගත කල එක් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 08ක් සන්තකයේ තබාගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අවස්තාවේ යුක්තියේ මෙහෙයුමේ දෙවන අදිරියට සමගාමිව සිදු කල පරික්ෂාවේදි සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අවු 25 වයසැති තරුණයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
අනෙක් සැකකරු මත්පෙති 50ක් සන්තකයේ තබාගෙන සිටියදි නල්ලතන්නිය නගරයේදි අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරු අවු 28 වයසැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)