මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here