ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට වයස අවුරුදු 3-21ත් අතර පාසල් දරුවන්ගෙන් 54.9%කගේ පාසල් අධ්‍යාපනය සඳහා බලපෑම් ඇති වී තිබෙන බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් මහ බැංකුව මගින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් පාසල් අධ්‍යාපනය හැර යෑම අවම කිරීම, මෙන්ම ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය සඳහා යොමු කිරීමට රජය මගින් කටයුතු කර ඇත.

කෙසේ වුවද අධ්‍යාපන අංශය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත් රටේ පැවති අර්බුද කාලසීමාවේදී අධ්‍යාපන පද්ධතියේ ඇතිවූ උග්‍ර විෂමතා සඳහා තවමත් නිසි පිළියම් යොදා නොමැති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here