රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

මේ අතර පවුල් ලක්ෂ 27ක් සඳහා සහල් කිලෝ දහය බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබා දීමේ වැඩසටහන ද ලබන 21 දා අරඹන බව ද ඒ අනුව මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමි වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය

මේ අතර ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් පවතින නිසා රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු තබාගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here