රුපියල ශක්තිමත්වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, විනිමය අනුපාතය වෙළඳ පොල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවට අවබෝධ කරගැනීම වැදගත් බවයි.
එමෙන්ම, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනාගනිමින් රජය ගත් ආර්ථිකය ස්ථාවර කිරීමේ පියවරයන් මේ වනවිට සාර්ථක වී ඇති බවයි, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.
මේ අනුව, මෙම සියලු පියවරයන් හමුවේ රට නව සංවර්ධන මාවතකට අවතීර්ණ වන බවයි, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.