2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කරනවා.

2020 වසරට පෙර පැවති 325,000ක් පමණ වන වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට 280,000 සීමාව දක්වා අඩු වී ඇති බව සඳහන්.

වාර්ෂික මරණ සංඛ්‍යාව 140,000 සිට 180,000 පමණ දක්වා වැඩි වී ඇති බවට වාර්තා වනවා.

මෙම තත්ත්වය ජනගහන වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරනු ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

1 COMMENT

  1. Why do we need more people.We need to upgrade the standard of living of the present population and then think of increasing.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here