විශිෂ්ට සමාජ ක්‍රියාකාරිකයෙකු වු සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති මොරටුව සර්වෝදය මූලස්ථානය වෙත අද (19) පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබීය.

අනතුරුව පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහක නිරත වෙමින් ඔවුන් වෙත සිය සංවේගය පළ කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here