නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟතාව පළකර තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බවයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේද යන්න සිය මෝසම මඟින් විමසා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතුළු නාවික හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි.

මීට අමතරව පියා හමුවීම සඳහා දැනට ලබාදී ඇති විනාඩි 15 කාලය විනාඩි 30 දක්වා දීර්ඝ කරන ලෙස කර තිබුණූ ඉල්ලීමට එකඟතාව ලබාදී ඇති අතර, විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එවැනි පහසුකමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවයි එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

එසේම තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබාදී ඇති අතර නඩුව යළි අප්‍රේල් 26 කැඳවීමට නියමිතයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here