පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද(08) සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මුරපොළක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

කෙසේවෙතත් පොලීසියට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසියි පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ 26 හැවරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here