“අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.