ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X පණිවිඩයක් මඟින් දැනුම් දෙනවා.

ඒ මෙරට ඉන්ධන භාවිතය 50%කින් අඩු වී ඇති බවට ඉකුත් දිනකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

සිපෙකෝ, ලංකා IOC සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදාහරින ආයතන විසින් ඉකුත් සමය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉකුත් මාර්තු මාසයේ දී ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here